නිල් කොළ සටනින් තියුණු ජයක්

2019-03-30T01:17:29+05:30

හේනේගම මධ්‍ය මහා විද්‍යාලය සහ වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය අතර ‘නිල් සහ කොළ‘ වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ දී කඩුල්ලක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට අප විද්‍යාලය පසුගියදා (27) සමත් විය. කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකටි පිටියේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ හේනේගම විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරමින් පිටියට පිවිසෙමින් සියලුම දෙනා දැවී ලකුණු 206ක් ලබා ගත්තේ ය. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි අප විද්‍යාලයීය ක්‍රීඩකයින් කඩුලු 9ක් පමණක් දැවී තරගය නිමා වීමට තවත් පන්දුවක් පමණක් ඉතිරිව තිබිය දී ලකුණු 210ක් ලබා ගත්හ. එම ඉනිම වෙනුවෙන් ද වැඩි දක්ෂතා දැක්වූයේ ආරම්භක පිතිකරු ඒ. එන්. සංතුශ් ය. ඔහු [...]