හේනේගම මධ්‍ය මහා විද්‍යාලය සහ වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය අතර ‘නිල් සහ කොළ‘ වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ දී කඩුල්ලක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට අප විද්‍යාලය පසුගියදා (27) සමත් විය.

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකටි පිටියේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ හේනේගම විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරමින් පිටියට පිවිසෙමින් සියලුම දෙනා දැවී ලකුණු 206ක් ලබා ගත්තේ ය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි අප විද්‍යාලයීය ක්‍රීඩකයින් කඩුලු 9ක් පමණක් දැවී තරගය නිමා වීමට තවත් පන්දුවක් පමණක් ඉතිරිව තිබිය දී ලකුණු 210ක් ලබා ගත්හ.

එම ඉනිම වෙනුවෙන් ද වැඩි දක්ෂතා දැක්වූයේ ආරම්භක පිතිකරු ඒ. එන්. සංතුශ් ය. ඔහු පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 84ක් ලබා ගත්තේ ය. ඊට අමතරව වමත් පිතිකරු කවිශ්ක මධුමාල් පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 31ක් ලබා ගත්තේ ය.


හේනේගම මධ්‍ය මහා විද්‍යාලය; සියලුම දෙනා දැවී 206 (49.4)
 ෂෙශාන් ලක්ෂාන් 62, ප්‍රමිත් දර්ශන 38, චමත් කල්හාර 3/44, ශාලින්ද හපුආරච්චි 2/33, කවිශ්ක මධුමාල් 2/36

බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය; කඩුලු 9ක් දැවී 210 (49.5) ඒ. එන්. සංතුශ් 84, කවිශ්ක මධුමාල් නොදැවී 31, මනුජිත් දේශාන් 4/29, සමිත් විජේනායක 2/19, ප්‍රමුදිත් දර්ශන 2/40

මෙම දක්ශතා දැක්වූ අප පාසැල් ක්‍රිකට් කණ්ඩායමට විදුහල්පතිතුමා ඇතුළු මුළුමහත් පාසලේම උණුසුම් සුභ පැතුම්!

All photos

Photographers:- Bhagya Dissanayake | vimukthi rukshan | Thilina Shehan | Gihan Lakshitha | Sachintha Abeygunasekara | Nipun Hasintha | Ravindu Egodawatte
All rights of the following Album belongs to the Bandaranayake central College Photographic Art Society – BCCPAS ©. Using these photos for Commercial or non-commercial purposes, WITHOUT PERMISSIONS of BCCPAS STRICTLY PROHIBITED AND CONSIDERED AS INTENDED COPYRIGHTS INFRINGEMENT