The past, present and future

History

C.W.W Kannangara was Sri Lanka’s first Minister of Education.
On 6 January 1941 three central colleges, Veyangoda, Akuramboda, and Weeraketiya were opened by C.W.W Kannangara, Sri Lanka’s first Minister of Education. Veyangoda Central College was created by joining three schools. They are Veyangoda Swabasha Patashalawa (Sinhala school), English school and Paththalagethara School which were in the same place where the President College, Veyangoda situated today, in the middle of Veyangoda town.

Later the school was moved into Maligathanna Watta and first building was opened by Mr.D.S. Senanayaka on 3 September 1951.

The school originally had 20 class rooms and two hostels, one for girls and one for boys, and two buildings for Home science and Vocational Training. Now there are 51 class rooms, an agriculture unit, a computer resource center and a computer lab in the college. Every pupil is entered to the college who passes the Grade 5 Scholarship Examination or G.C.E(O/L) Examination with highest results.

විදුහල්පති තුමාගේ පණිවුඩය

(2016 වසරේ ත්‍යාග ප්‍රදානෝත්සවයේදී කල දේශනය)

Mr. S.A.L.B. Sirimanna 
Present Principal of the College.

1941 වර්ෂයේ ආරම්භ කළ වසර 77ක අභිමානවත් ගමන් මගක් සපිරූ වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ නිල වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමි.

ශ්‍රී ලාංකික අධ්‍යාපන පද්ධතියේ ගමන් මග වඩාත් අර්ථවත් වූත්, ගැඹුරු වූත් වෙනසකට භාජනය කිරීමට එඩිතර නායකත්වය ලබාදුන් හා එම අවස්ථාවේ පැන නැගුණු අභියෝගවලට මුහුණ දෙමින් ජාතියේ බුද්ධිමත් දරුවන්ට අධ්‍යාපනය ලබාදීමේ මං පෙත් විවර කළ නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස විරුදාවලිය ලත් ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර ශ‍්‍රීමතානන් සිහිපත් කිරීම යුතුකමක් ලෙස සලකමි. ආචාර්ය  සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර ශ‍්‍රීමතානන්ගේ මධ්‍ය විද්‍යාල සංකල්පයට අනුව ග‍්‍රාමීය ප‍්‍රදේශවල දක්ෂතා ඇති දරුවන්ට සම  අධ්‍යාපන අවස්ථා ඇතිකර දීමට මං පෑ රාජ්‍ය මන්ත‍්‍රණ සභාවල ප‍්‍රදේශ අනුව ගොඩනගන ලද මධ්‍ය විද්‍යාල 54 න් පළමුව ආරම්භ කළ මධ්‍ය විද්‍යාල 3න් එකක් වේයන්ගොඩ ඡන්ද බල ප‍්‍රදේශයේ ස්ථාපිත කිරීම එකල රාජ්‍ය පාලකයින් සියනෑ කෝරළයට කරනු ලැබූ ගරු කිරීම පිළිබඳ ඵෙතිහාසික සාධකයක් ලෙස දැක්විය හැකිය. අප විද්‍යාලයේ හයවන ශ්‍රේණියේ සිට දහතුන් වන ශ්‍රේණිය දක්වා සිංහල මාධ්‍ය හා ද්විභාෂා මාධ්‍යයෙන් ඉගනුම ලබන ශිෂ්‍ය සංඛ්‍යාව 3116ක් පමණ වන අතර ආචාර්ය මණ්ඩලය 148 කින් සමන්විතය. ජීව විද්‍යා, භෞතික විද්‍යා, කෘෂි විද්‍යා, වාණිජ, තාක්ෂණ, කලා යන විෂය ධාරාවන් යටතේ උසස් පෙළ පන්ති පැවැත්වෙන අතර ඉංග‍්‍රීසි, ජපන් ආදි විශේෂ භාෂාවන්ද ඉගැන්වේ. 2017 වර්ෂයේ දී සිංහල මාධ්‍යයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට සිසු සිසුවියන් 309ක් ඉදිරිපත් කළ අතර ඉන් විෂයන් 9 ටම විශිෂ්ථ සාමාර්ථ ලබාගත් සිසුන් සංඛ්‍යාව 69ක් වන අතර උසස් පෙළට සමත් ප‍්‍රතිශතය 100% කි.

එසේම 2013 වසරේදී අ.පො.ස. සා/පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් විෂයන් 9 ටම විශිෂ්ට සාමාර්ථ ලබාගත් සංඛ්‍යාව 32 කි. අ.පො.ස උ/පෙළ විෂය ධාරාවන් සඳහා ඇතුලත්වීමට සුදුසුකම් ලැබූ ප‍්‍රතිශතය 100% කි.

2011 වසරේ දී අ.පො.ස. උ/පෙළ විභාගය සඳහා ඉදිරිපත්ව ඇති සිසු සිසුවියන් සංඛ්‍යාව 679 ක් වන අතර ඉන් විෂයයන් 3 ට ම විශිෂ්ට සාමාර්ථ ලබාගත් සිසු සිසුවියන් සංඛ්‍යාව 10 කි. විශ්ව විද්‍යාල ප‍්‍රවේශය සඳහා සුදුසුකම් ලබාගත් ප‍්‍රතිශතය 63ග2 කි.

2012 වර්ෂයේදී පවත්වන ලද අ.පො.ස. උ/පෙළ විභාගයට සිසු සිසුවියන් 723 ක් ඉදිරිපත් වී ඇති අතර එයින් විශ්ව විද්‍යාල ප‍්‍රවේශය ලබාගත් සිසු සිසුවියන් සංඛ්‍යාව 472 ක් වේ. එහි ප‍්‍රතිශතය 65.2% ක් වේ. විද්‍යා, කලා, වාණිජ අංශ යටතේ විශ්ව විද්‍යාල ප‍්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ සිසු සිසුවියන් විස්තර ද ඔබතුමන්ලාගේ දැනගැනීම පිණිස මෙහි සාරාංශ කර දක්වා ඇත.

මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ අප විද්‍යාලයට මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරයක් ලබාදීම මගින් මෙම වසරේදී තාක්ෂණ විෂය ධාරාව ආරම්භ කිරීමට හැකිවීමයි.

1941 සිට මේ දක්වා රටට දැයට ශ්‍රේෂ්ඨ පුතුන් බිහි කරමින් ශ‍්‍රී ලාංකේය අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් ලෙස දැවැන්ත කාර්ය භාර්යක් ඉටු කළ සදාදරණීය වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලය වර්තමානයේදී ද තම වගකීම ශ‍්‍රී ලාංකේය දේශය වෙනුවෙන් නොපිරිහෙලා ඉටුකරමින් සිටින බව පවසනුයේ ඉතා නිහතමානීව ය.

මෙම විදුහල් මෑණියන්ගෙන් අධ්‍යාපනය ලැබීම සඳහා ඇතුලත්වීමට සුදුසුකම් ලබනුයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්ව ඉහළ කඩඉම් ලකුණු ලබාගත් ශිෂ්‍යත්වධාරින් සහ අ.පො.ස සා/පෙළ විභාගයෙන් ඉහළ සුදුසුකම් හා දක්ෂතා පෙන්වූ දරුවන් වීම තුළින් ගම්‍ය වන්නේ වේයන්ගොඩ මධ්‍ය  විද්‍යාලය ජාතික තලය තුළ හිමිකර ඇති කීර්තිමත් සුවිශේෂි ස්ථානයයි.

එවන් වු අභිමානවත් භූමිකාවක් ඇති, ජාතික තලයේ ඉහළින්ම ඇති අප විද්‍යාලය ශ‍්‍රී ලාංකේය උරුමයන් ආරක්ෂා කර පවත්වා ගැනීමටත් සදාචාර සංවර්ධන දේශයක් ගොඩනැගීම සඳහාත් මහත් කැපවීමෙන් කටයුතු කරන ජාතියේ මුර දේවතාවුන් ලෙස දේශයේ ඉදිරි ගමනෙහිලා සුවිශේෂි කාර්ය භාරයක් පැවරී ඇති ගෞරවනිය ස්වාමින්වහන්සේලා දේශය ගොඩනැගීමේ ක‍්‍රියාවලියට නිවැරදි නායකත්වය ලබාදෙමින් විද්‍යාලයීය විශිෂ්ටත්වය කරා ගෙන යමින් ඔබ වහන්සේලා කර මෙහෙවර පාද නමස්කාර පූර්වකව සිහි කරමි.

දරුවන්ගේ සාධන මට්ටම ඉහළ නැංවීම සඳහා සංවර්ධන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරමින් අධ්‍යාපන ඉලක්ක සාර්ථකව ජයග‍්‍රහණය කර ගැනීම සඳහා ගෞරවනීය ආචාර්ය මණ්ඩලය ලබා දෙන සහයෝගය විශේෂයෙන් අගය කරමි.

‘‘නිදහස් පරිසරය නිරවුල් මනසක් ගොඩනගයි’’ යන කියමන මත පිහිටා අපගේ දැක්ව හා මෙහෙවර අනුව යමින් සමබර අධ්‍යාපනයක් ලබාදීම අපගේ මූලික අභිප‍්‍රායයි. සමබර පෞරුෂ සංවර්ධනය උදෙසා විෂය සමගාමී සහ විෂය බාහිර ක‍්‍රියාකාරකම් අප පාසල තුළ ක‍්‍රියාත්මක වේ. සිංහල හා ඉංග‍්‍රීසි සාහිත්‍ය සංගම්, බෞද්ධ සංගමය, ජනමාධ්‍ය සංගමය, විද්‍යා කලා වානිජ සංගම් රැුසක් ද වොලිබෝල්, වූෂූ, ක‍්‍රිකට්, බැඩිමින්ටන්, චෙස්, මලල ක‍්‍රීඩා ආදිය ද විද්‍යාලය තුළ දරුවන්ගේ හැකියා වර්ධනය කිරීම සඳහාක‍්‍රියාත්වක කෙරේ. ශිෂ්‍ය භට කණ්ඩය, පෙරදිග තූර්ය වාදක කණ්ඩය, බටහිර තූර්ය වාදක කණ්ඩය, වෙස් නැටුම් කණ්ඩායම සුවිශේෂී වේ.

සමස්ත ලංකා ජාතික ජාත්‍යන්තර ජයග‍්‍රහණ හිමිකර දෙමින් මේ උත්තුංග කාර්යයෙහි මහත් කැපවීමෙන් මා හට සහය දෙන නියෝජ්‍ය විදුහල්පති පූජ්‍ය බෝලියද්දේ විමලානන්ද හිමියන්ට, විදුහල්පති  යූ.පී. නිහාල් චන්ද්‍රසිරි මහතාට, නියෝජ්‍ය විදුහල්පති එස්. එම්. පී. එන්. සමරකෝන් මහතාට, හිටපු නියෝජ්‍ය විදුහල්පති ආර්. ජී. එස්. ජී. බී. රාජකරුණා මහතාටත් නියෝජ්‍ය විදුහල්පති එච්. ඒ. ඩබ්. කේ. හේරත් මහතාටත්, නියෝජ්‍ය විදුහල්පති ජී. කේ. එම්. මල්කාන්ති මහත්මියටත්, සහකාර විදුහල්පති  ආර්. ඩබ්. කේ. ඩබ්. එම්. එල්. ඩබ්. තිලකරත්න බණ්ඩා මහතාටත්, සහකාර විදුහල්පති වී. රන්දුනුගේ මහත්මියටත් සහකාර විදුහල්පති එස්. ජේ. එස්.ටී. ධර්මපාල මහතාටත් මාගේ ස්තූති පූර්වක ප‍්‍රශංසාව පුද කර සිඹිමි.

එසේම එම ඉගැන්වීම් කටයුතු වල යෙදෙමින් විද්‍යාලයීය පරිපාලන හා අධ්‍යාපන මෙන්ම අනෙකුත් සෑම කටයුත්තකදීම එකමුතුව හා කැපවීමෙන් යුතුව මා සමඟ අත්වැල් බැඳගන්නා විද්‍යාලයීය කළමනාකරණ කමිටුවේ අනිකුත් සාමාජිකයින් වන විද්‍යා අංශ ප‍්‍රධාන එම්. පී. ඒ. ඞී. ජයවික‍්‍රම මහතාටත් වාණිජ අංශ ප‍්‍රධාන පුබුදු රාජපක්ෂ මහතාටත්, කලා අංශ  ප‍්‍රධානී ජේ. ඩබ්. සෙනෙවිරත්න මහත්මියටත් 6,7 අංශ ප‍්‍රධාන කරදෙටියන ගුණානන්ද හිමියන්ටත්, 8,9 අංශ ප‍්‍රධාන එන්. ඒ. කරුණාතිලක මහතාටත් 10,11 අංශ ප‍්‍රධාන ආර්. එම්.ඒ. ඒ. පී රාජතේව මහතාටත් මාගේ ස්තූතිය හා ප‍්‍රශංසාව පුද කරමි. නිරන්තර නිවේදන කටයුතු මගින් සහය දෙන ඒ. පී. යමුණා පතිරණ මහත්මියට ද හිටපු නිවේදන භාර ඩබ්. හේමචන්ද්‍ර මයාට ද, මාගේ ගෞරවනීය ප‍්‍රණාමය පුද කරමි. විද්‍යාලයීය අධ්‍යාපනය සහ අනෙකුත් සෑම කටයුත්තකදී ම විද්‍යාලයීය ප‍්‍රගමනය උදෙසා විශේෂ සහයෝගයක් දක්වන වසර සමායෝජක හා විෂය සමායෝජක මහත්ම මහත්මීන්ට ද අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය උදෙසා කැපවීමෙන් කටයුතු කරන මාගේ 148 ක් වූ විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලයේ අනුපමේය සේවය සාදරයෙන් සිහිපත් කරමි. ඔවුන්ට මාගේ ගෞරවය පුද කරමි. විද්‍යාලයීය සියලූ කටයුතු වලදී අවශ්‍ය පසුතලය සපයා දෙන අනධ්‍යයන කාර්යය මණ්ඩලය ද මේ අවස්ථාවේ අගය කරමි.

පාසලේ පැවති හරාත්මක චර්යා පද්ධතා හා වටිනාකම් රැුකදෙමින් සිදුකළ යුතු ගුණාත්මක වෙනස්කම් සිදු කරමින් ජාතික අධ්‍යාපන අරමුණු සමඟ තුලනය වෙමින් මේ දක්වා ආ ගමනේ ලද අභියෝගයන් හා ජයග‍්‍රහණයන් මැදිහත් සිතින් දරා ගැනීමට මා හට හැකි විය.

විද්‍යාලයීය ඉතිහාසය පුරා වසර 75ක කාලය තුළ විද්‍යාලයීය ප‍්‍රගමණය උදෙසා ඉමහත් කැපවීමෙන් හා වගකීමෙන් කටයුතු කර විශ‍්‍රාම ලැබූ විදුහල්පතිවරුන්, නියෝජ්‍ය විදුහල්පතිවරුන්, සහකාර විදුහල්පතිවරුන්, ගුරු මහත්ම මහත්මීන්, අනධ්‍යන සේවක මහත්ම මහත්මීන් කෘතඥතා පූර්වකව සිහිපත් කරමි.

මෙම විද්‍යාලයට විශිෂ්ට සේවයක් ඉටු කොට ස්ථාන මාරු ලැබ ගිය ගුරු මහත්ම මහත්මීන්ද විද්‍යාලය වෙනුවෙන් කළ සේවය මේ අවස්ථාවේ විශේෂයෙන් අගය කරමි.

වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ සිසු දරුවන් මව්බිමට හිතකාමි සමබර පෞරුෂයකින් හෙබි නිපුණතාවලින් පෝෂිත සදාචාර සම්පන්න නැණවත් පිරිසක් වේවායි පතමි.

එස්. ඒ. එල්. බී. සිරිමාන්න

විදුහල්පති

STATISTICS

Location: 6°54′16″N 79°51′40″E

Other name: Veyangoda Central College

Type: National school

Motto: අත්තාහි අත්තනො නාථො.. (Attahi Attano Natho)
(Buddhist quote from the Apramadha Vagga in the Dhammapada.)
(Meaning: “One is the refuge of oneself.”)

Religious affiliation(s): Buddhism

Established: 6 January 1941

Founder: Hon. C. W. W. Kannangara

School district: Gampaha District

Academic Staff: 135

Grades: 6 to G.C.E. (A/L)

Gender: Boys/Girls

Enrollment: 2640 (approx.)

Size: 20-acre (0.081 km2)

Colour(s): Green and Yellow

Website: bccv.lk

Address: Bandaranayake Road, Veyangoda, Sri Lanka 11100.

0
Students
0
Academic Staff
0
All Island Rankings
0
Clubs & Societies

School Ground Plan

Click to see full size image.

Image Credit: Past Pupils of 1986  Batch

Join With Our Past Pupils’ Association Today!

පාසලේ නිල ආදි සිසු සංගමය හා එක්වන්න.