News

/News

ක්‍රිකට් පුහුණු සැසිය

2019-02-10T22:23:34+00:00

පාසැල් ක්‍රිකට් පුහුණු සැසිය ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අනූෂ සමරනායක සහ ලසිත් මාලිංග මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය නම වන දා පාසැලේදී ඉතා සාර්ථකව පැවැත්විනි. තොරතුරු සැපයීම නලීන් කපුරුබණ්ඩාර මයා විසිනි.

ක්‍රිකට් පුහුණු සැසිය2019-02-10T22:23:34+00:00

නිවාසාන්තර ක්‍රීඩා උළෙල 2019

2019-01-25T14:02:34+00:00

අප පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල පසුගිය 23 වන දා අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුනි. එහි විශේෂ අවස්ථා කිහිපයක් පහතින්.. Photo Credit: Photographic art society of Bandaranayake Central College Veyangoda, Photographers: Sachintha Abeygunasekara සියළු ඡායාරූප නැරඹීම සඳහා පිවිසෙන්න.

නිවාසාන්තර ක්‍රීඩා උළෙල 20192019-01-25T14:02:34+00:00

2018 උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

2018-12-30T01:49:57+00:00

2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබේ. ඒ අනුව  විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම ප්‍රතිඵල ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උසස් පෙළ විභාගය සඳහා පසුගිය අගෝස්තු මාසයේ සිසුන් තුන් ලක්ෂ 27,469 දෙනෙකු පෙනී සිටියේය. වැඩිදුර විස්තර පහතින් දැක්වෙයි.

2018 උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි2018-12-30T01:49:57+00:00

“Argivya’18” Commerce Day

2018-07-30T23:27:42+00:00

"Argivya'18" Commerce Day Of Bandaranayake Central College was held on 11th July 2018 at school main hall successfully. PHOTOGRAPHED BY:- Sachintha Abeygunasekara | Nipun Hasintha Special Thanks: Photographic art society of Bandaranayake Central College Veyangoda. See Full Album

“Argivya’18” Commerce Day2018-07-30T23:27:42+00:00

ඩෙංගු මර්ධන ව්‍යාපාරය සාර්ථකව නිම කෙරේ..

2018-07-08T22:36:10+00:00

විදුහල්පති තුමාගේ අනුශාසකත්වය මත අද දින (ජූලි 08) පැවැත්වූ විදුහල් භූමිය සහ අවට මාර්ගය දෙපස පිරිසිදු කිරීමේ ශ්‍රමදානය ඉතා සාර්ථකව සිදු කරන ලදි. මේ සඳහා විද්‍යාලයේ 8 සහ 9 වසර වල ඉගෙනුම ලබන සිසු සිසුවියන්ගේ දෙමාපියන් විශාල ප්‍රමාණයක් සහ විදුහලට ආදරය කරන ආදි සිසුන් විශාල ප්‍රමාණයක් සිය ශ්‍රම දායකත්වය ලබා දෙන ලදි. එම සියළුම පිරිස් වලට අපගේ විශේෂ ස්තූතිය පුදකරන අතර, මීරිගම, අත්තනගල්ල ප්‍රාදේශීය සභාවල ගරු සභාපති තුමන්ලා ඇතුළු කාර්ය මණ්ඩලවලටත්, මීරිගම, අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී තුමන්ලා ඇතුළු කාර්ය මණ්ඩලවලටත්, වේයන්ගොඩ පොලිස් ස්ථානධිපති තුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත්, වේයන්ගොඩ යුධ හමුදා කඳවුරේ අණදෙන නිළධාරී තුමා ඇතුළු සියළු දෙනාටත් අපගේ ගෞරවනීය ප්‍රණාමය [...]

ඩෙංගු මර්ධන ව්‍යාපාරය සාර්ථකව නිම කෙරේ..2018-07-08T22:36:10+00:00

නව වෙබ් අඩවිය එළිදැක්වේ

2018-07-06T22:07:47+00:00

අප විද්‍යාලයේ නව නිල වෙබ් අඩවිය අද දින (01) විදුහල්පති තුමාගේ සුරතින් එළි දැක්වුණි. කාලීන අවශ්‍යතාවයක් සපුරාලමින් නවතම තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කළ මෙම වෙබ් අඩවිය www.bccv.lk වෙබ් ලිපිනය හරහා දැන් මුළු ලොවටම විවෘතයි. 11-5, 1999 ආදි සිසු එකමුතුවේ තවත් ව්‍යාපෘතියක් වන මෙය නිර්මාණය හා නඩත්තුව යන සියල්ලම එම ආදි සිසුන් වෙතින් සිදු කිරීම විශේෂත්වයකි. විද්‍යාලයේ නවතම නිවැරදි තොරතුරු මෙන්ම ඉදිරි වැඩසටහන් තොරතුරු වඩා ඉක්මණින් හා ක්‍රමවත්ව ජනතාව වෙත ගලා යෑම සඳහා මෙම වෙබ් අඩවිය මහඟු පි‍ටුවහලක් වනු ඇත. මෙම වෙබ් අඩවිය සඳහා තොරතුරු සහ ඡායාරූප යම් ප්‍රමාණයක් අන්තර්ජාලයෙන් ලබා ගන්න ලද අතර, ඒවායේ මුල් අයිතිකරුවන්ට අපගේ ප්‍රණාමය හිමිවේ. 11-5, [...]

නව වෙබ් අඩවිය එළිදැක්වේ2018-07-06T22:07:47+00:00

Sports Day – 2018

2018-07-06T22:09:02+00:00

පසුගිය දා පැවති ක්‍රීඩා උත්සවයෙහි ගුවන් දර්ශන සියළුම හිමිකම් පාසැල් මාධ්‍ය ඒකකය සතුය.

Sports Day – 20182018-07-06T22:09:02+00:00

සාමාන්‍ය පෙල ප්‍රතිඵල අනුව දිවයිනෙන් 12 වන ස්ථානයට අප පාසල පත් වේ.

2018-07-06T22:10:14+00:00

2017 අ.පො. ස. සාමාන්‍ය පෙල විභාගයේ සිසුන් දක්වා ඇති දක්ශතා අනුව, විභාග දෙපාර්තමේන්තුවේ සාධන දර්ශකයන්ට අනුව, දිවයිනේ ඉහලම ස්ථාන දිනාගත් පාසල් 50 අතුරින්, වේයන්ගොඩ බණ්ඩාරනායක මැදි විදුහල 12 වන ස්ථානය හිමිකර ගනී... පාසල ස්ථානය දේවි බාලිකා විද්‍යාලය, කොළඹ 1 රත්නාවලී බාලිකා විද්‍යාලය,ගම්පහ 1 මාතලේ රජයේ විද්‍යා විද්‍යාලය 3 විශාඛා බාලිකා විද්‍යාලය කොළඹ 4 පානදුර බාලිකා විද්‍යාලය ,පානදුර 4 පුශ්පදාන බාලිකා ම.වි.මහනුවර 6 බණ්ඩාරනායක විද්‍යාලය ,ගම්පහ 7 ශ්‍රී ලංකා සිංගප්පූරු මිත්‍රත්ව විද්‍යාලය 7 මියුසියස් විද්‍යාලය ,කොළඹ 7 තක්ෂිලා ම.ම.විද්‍යාලය හොරණ 10 පින්නවල ම.ම.විද්‍යාලය,රඹුක්කන 10 බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලය, වේයන්ගොඩ 12 වෙම්බෙඩි උසස් බා.විද්‍යාලය, යාපනය 12 කුලියාපිටිය ම.ම.විද්‍යාලය ,කුලියාපිටිය 12 ආනන්ද විද්‍යාලය, කොළඹ 15 [...]

සාමාන්‍ය පෙල ප්‍රතිඵල අනුව දිවයිනෙන් 12 වන ස්ථානයට අප පාසල පත් වේ.2018-07-06T22:10:14+00:00

අ.පො.ස. (සා.පෙ) -2017 විභාගයෙන් විශිෂ්ඨ ප්‍රතිඵල

2018-07-03T11:12:54+00:00

බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලය - වේයන්ගොඩ. අ.පො.ස ( සා/පෙ ) විභාගය - 2017 විභාග ප්‍රතිඵල විශ්ලේෂණය විභාගයට පෙනී සිටි සංඛ්‍යාව:  309 ගණිතය හා මාධ්‍ය භාෂාව සමග සමත් සංඛ්‍යාව: 309 අ.පො.ස ( උ / පෙ ) ට සුදුසුකම් ලැබූ සංඛ්‍යාව: 309 එහි ප්‍රතිශතය -: 100% විෂයන් 9 ටම A සාමාර්ථ ලැබූ සංඛ්‍යාව: 69 විෂයන් 8 ට A සාමාර්ථ ලැබූ සංඛ්‍යාව: 65 විෂයන් 7 ට A සාමාර්ථ ලැබූ සංඛ්‍යාව: 62 විෂයන් 7 ට හෝ ඊට වැඩි ගණනකට A සාමාර්ථය ලැබූ සංඛ්‍යාව: 196 එහි ප්‍රතිශතය: 63.4% මෙම විශිෂ්ඨ ප්‍රතිඵල ලබාදුන් සිසුන්ටත්, ඊට මගපෙන්වූ විදුහල්පති තුමා ඇතුලු ආචාර්ය මණ්ඩලයටත්, අපගේ ප්‍රණාමය.......... [...]

අ.පො.ස. (සා.පෙ) -2017 විභාගයෙන් විශිෂ්ඨ ප්‍රතිඵල2018-07-03T11:12:54+00:00

Contact Info

WP/GM/Bandaranayake Central College Veyangoda, Sri Lanka 11100.

Phone: +94 (0) 33 22 46221

Mobile: +94 (0) 71 81 97477

Fax: +94 (0) 33 22 46222

Web: bccv.lk