විෂය සමගාමී හා විෂය බාහිර කටයුතු

පාසලක අරමුණ විය යුත්තේ එහි මූලික සාධනය වන ශිෂ්‍ය ප‍්‍රජාව උසස් සමාජ තලයක පිහිටුවීමය. ඒ අනුව අධ්‍යාපන කුසලතා මිටින්ගෙන පාසලට පැමිණි (6 ශ්‍රේණිය) සිසු දරුවන් අධ්‍යාත්මික සහ හසුරු කුසලතා අතින් ඉතා උසස් මට්ටමකට ගෙන ඒමට විද්‍යාලය විවිධ ක‍්‍රියාකාරකම් සංවිධානය කරයි. ඒ අනුව සෑම දරුවෙකුම තම අභිමතය හා කුසලතාවය මත සෞන්දර්ය, විෂය බාහිර විවිධ සංවිධාන සහ ක‍්‍රීඩා ක්ෂේත‍්‍ර ඔස්සේ ඔවුනොවුන් හඳුනාගැනීමටත්, දෙමව්පියන්ට පාසල් ප‍්‍රජාව හා සමාජයට ඊළඟ පරපුරේ වටිනාකම් හඳුනා අගය කරලීමේ අවස්ථාවක් වශයෙන් විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලයේ මෙහෙයෙවීම යටතේ ව්‍යාපෘති ගණනාවක් ක‍්‍රියාත්මක වේ.

සෞන්දර්ය අංශය

දැනුමින් පිරිපුන් විද්‍යාලයීය දරුවන් නර්තනය, සංගීතය, චිත‍්‍ර, නාට්‍ය හා රංග කලාව යන අංශයන්හි දක්වන දස්කම් තුළින් තම සමාජ වටිනාකම් වඩාත් ඔපවත් කර ගනියි. ඒ අනුව සිසු දරුවන් දැනුමින් පමණක් නොව නැටුමෙන් ගැයුමෙන් හපන්කම් දක්වන්නන් බව ප‍්‍රකාශ කරනුයේ හදපිරි සතුටිනි.

සිංහල අංශය

සිසු දරුවන්ගේ කලා කුසලතා සංවිධාන කුසලතා මතුකර ගන්නට අවස්ථා උදාකරලමින් සාහිත්‍ය සමිති සංගම් ලේඛන කුසලතා වැඩි දියුුණු කිරීම සඳහා බිත්ති පුවත්පත් සිංහල අංශයේ ගුරු මහත්මීන්ගේ මූලිකත්වයෙන් සිදු කෙරේ. වසරින් වසර නව ජයග‍්‍රහණ අවස්ථා උදාකර දෙමින් සිංහල භාෂා සාහිත්‍ය තරඟ වලින් ජයග‍්‍රහණ රැුසක් හිමිකරගෙන ඇත.

ඉංග‍්‍රීසි සංගමය

උදෑසන රැස්වීම්වල ඉංග‍්‍රීසි භාෂා වැඩි දියුණුව සලසමින් කතා සංවිධානය නිවේදන වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම තුළින් සන්නිවේදනය, රසවිඳීම ඉංග‍්‍රීසි භාවිතය දරුවන්ට ළඟාකරවීම සිදු කෙරේ. ඉංග‍්‍රීසි භාෂා සාහිත්‍ය තරඟ ජයග‍්‍රහණ හිමිකරගෙන ඇත.

විද්‍යා සංගමය

විද්‍යාලයීය විද්‍යා අංශය අධ්‍යාපනය පමණක් අරමුණු කර ගනිමින් කටයුතු කළ යුගය නිමා කරමින් 2016-2017 වසර දෙක තුළ ජයග‍්‍රහණ හිිමිකර ගෙන ඇත. ජාතික විද්‍යා පදනම මෙහෙය වූ තරඟාවලින් ලද ජයග‍්‍රහණ ද රසායන විද්‍යා තරඟයෙන් ජයග‍්‍රහණය ද හිිමි කර ගැනීමට විද්‍යා අංශය සමත්වී ඇත. විද්‍යා විෂයයන් තුළ මනස ඒකාකාරීව මෙහෙයවමින් අධ්‍යාපන කටයුතුවල යෙදෙන සිසු දරුවන්ට තම අධ්‍යාපන කටයුතු නව්‍යතාවයකින් විවිධත්වයකින් යුතුව කරගෙන යාමට සංගමයේ විවිධ ව්‍යාපෘති උපකාරි වේ. විවිධ දේශන සම්මන්ත‍්‍රණ සංවිධානය, ප‍්‍රදර්ශන ප‍්‍රායෝගික පරික්ෂන වැඩමුළු සංවිධානය, බිත්ති පුවත්පත් පවත්වාගෙන යෑම සිදු කෙරේ.

වානිජ සංගමය

වානිජ අධ්‍යාපනය හදාරන සිසු දරුවන් අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය උදෙසා වානිජ සංගමය ව්‍යාපෘති රැසක් ක‍්‍රියාත්මක කෙරේ. සඟරා සම්මන්ත‍්‍රණ බිත්ති පුවත්පත් පවත්වාගෙන යාම සංගමය තුළින් සිදු කෙරේ.

බෞද්ධ සංගමය

වාර්ෂිකව විවිධ වැඩසටයන් රාශියක් බෞද්ධ සංගමය මගින් සංවිධානය කෙරේ. දාන ශීල භාවනා  වැඩසටහන් වර්ෂය පුරාම පෙර පෝය වැඩසටහන් ලෙස ක‍්‍රියාත්මක කෙරේ. වෙසක් කූඩු නිර්මාණ වෙසක් පත් මුද්‍රණය ශිෂ්‍ය නිර්මාණ ලෙස වසරේ එළිදකී. පිරිත් පිංකම් බෝධි පූජා වැඩසටහන් දියත් කරනුයේ බෞද්ධ සංගමය මගිනි. පාසල් දරුවන් සදාචාර සම්පන්න දරු කැළක් කිරීමෙහිලා බෞද්ධ සංගමය තුළින් අතිශය විශාල කාර්ය භාරයක් ඉටුකෙරේ.

ජනමාධ්‍ය සංගමය

ජනමාධ්‍ය සංගමය මගින් උදෑසන සිංහල හා ඉංග‍්‍රීසි බසින් සිදු කෙරෙන ප‍්‍රවෘත්ති විකාශනයත් විද්‍යාලයීය විශේෂ උත්සව වැඩසටහන් මෙහෙයවීමත් සුුවිශේෂ ස්ථානයක ලා සැලකිය හැකියි.

තාරකා විද්‍යා සංගමය – ගගන විද්‍යා සංගමය

දැනුම කුසලතා හා ආකල්ප වර්ධනය කිරීම සහ අනාගත අධ්‍යාපන ඉලක්ක ලබාදීමේ අරමුණින් මෙම සංගමය ක‍්‍රියාත්මක වේ.

බාල දක්ෂ සංගමය

නේවාසික කඳවුරු පැවැත්වීම, උත්සව අවස්ථා වලදී උත්තමාචාර දැක්වීම වැනි කාර්යයන් කරමින් පාසලේ කටයුතු වලට දායකත්වය දක්වමින් අනාගතයේ පරිපූර්ණ පෞරුෂයකින් හෙබි පුද්ගලයෙකු බිහි කිරීමේ කාර්ය මෙම සංගමයේ කාර්ය තුළින් සිදු කෙරේ.

ශිෂ්‍ය භට ඛණ්ඩය

ජාතික අධ්‍යාපන අරමුණු හා මූලික නිපුණතාවයන්ට සාපේක්ෂව ඉවසා දරා සිටීමේ ශක්තිය මනාව අභිමානයෙන්ම ගරු කිරීම, තීරණ ගැනීම, ගැටලූ නිරාකරණය කිරීමේ හැකියාව ආදි ගුණාංගයන්ගෙන් හෙබි ශිෂ්‍ය පරපුරක් ගොඩ නැංවීමෙහිලා අවශ්‍ය මංපෙත් හෙළි පෙහෙළි කිරීමේ අවශ්‍යතාවක් ලෙස ශිෂ්‍ය භට ඛණ්ඩය අප විද්‍යාලය තුළ පවත්වාගෙන යාම සිදු කෙරේ.

විද්‍යාලයීය සුබ සාධන සංගමය

විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලයේ සුහදතාවය අනෝන්‍ය සහයෝගය හා සහෝදරත්වය වර්ධනය කරලීමේ අරමුණින් සුබ සාධක සංගමය පවත්වාගෙන යාම සිදු කෙරේ. ගුරු මණ්ඩල වාර්ෂික චාරිකාව වැනි සාමාජිකයන් අතර සුහදතාව වර්ධනය සඳහා ව්‍යාපෘති රැසක් ක‍්‍රියාත්මක කරනු ඇත.

විද්‍යාලය තුළ විවිධ ඒකක මගින් ක‍්‍රියාත්මක වැඩසටහන් රාශියකි. පරිසර නියමු භට ඒකකය, රතු කුරුස සහ බාලදක්ෂ ඒකකය, මාධ්‍ය ඒකකය, සෞඛ්‍යදාන ඒකකය, ශිෂ්‍ය නායක පද්ධති ඒකකය, යනාදි ඒකක මගින් විද්‍යාලය තුළ සංවිධානය කරනු ලබන ගවේෂණ චාරිකා, ක්ෂේත‍්‍ර චාරිකා, නායකත්ව පුහුණු වැඩමුළු, ශ‍්‍රමදාන, විවේකය ඵලදායී ලෙස ගත කරන වැඩසටහන්, ශිෂ්‍යයන් අතර අන්‍යෝන්‍ය සහයෝගීතාවය ගොඩනැගෙන වැඩසටහන් වැනි විවිධ ක‍්‍රියාකාරකම් ක‍්‍රියාත්මක වේ.

Recent Posts

Archives

Categories